ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගවලදී රිදී පදක්කම් 4 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අවුරුදු 19 න් පහළ බාලක, 19 න් පහළ බාලිකා, 15 න් පහළ බාලක සහ 15 න් පහළ බාලක යන වයස් කාණ්ඩ යටතේ තරගාවලියේ කණ්ඩායම් තරග පැවැති අතර එම වයස් කාණ්ඩ හතරේම රන් පදක්කම් දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඒ අනුව ලබන ජූනි මස 29 වැනිදා කොරියාවේදී ආරම්භ වන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමත් විය.
මෙහිදී බාලක කණ්ඩායම් තරග සඳහා ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, බංගලාදේශය තරග වැදුණ අතර බාලිකා තරග වලදී ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින තරග වැදිණ.
ඉකුත් වසරේ මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැති අතර එහිදී මෙම කණ්ඩායම ඉසව් හතරේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පාකිස්තානයට යෑම සඳහා විසා ලබාගැනීමේදී ඇති වූ ග-ැටලුකාරී තත්ත්වයක් නිසා ඉන්දියාව එම තරගාවලියට සහභාගි නොවීය.
කණ්ඩායම් තරගවලදී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ සහ පරාජයන්
වයස 19 න් පහළ බාලක
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-1 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් මාලදිවයින පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් බංග්ලාදේශය පරාජය කරන ලදි.
ඉන්දියාව විසින් තරග වට 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
වයස 19 න් පහළ බාලිකා
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-1 කින් මාලදිවයින පරාජය කරන ලදි.
ඉන්දියාව විසින් තරග වට 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
වයස 15 න් පහළ බාලක
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් මාලදිවයින පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-2 කින් බංග්ලාදේශය පරාජය කරන ලදි.
ඉන්දියාව විසින් තරග වට 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
වයස 15 න් පහළ බාලිකා
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 කින් මාලදිවයින පරාජය කරන ලදි.
ඉන්දියාව විසින් තරග වට 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.