Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 57 යි

ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 57 යි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය (11 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 57 ක්, රිදී පදක්කම් 43 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් දිනා සිටින සත්කාරක ඕස්ට්‍රේලියාව සමත් විය.

රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 30 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර ඉන්දියාව රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට හයවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයයි.


- 036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 57 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.