ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය (10 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 50 ක්, රිදී පදක්කම් 38 ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් දිනා සිටින සත්කාරක ඕස්ට්‍රේලියාව සමත් විය.
රන් පදක්කම් 24 ක්, රිදී පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර ඉන්දියාව රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට හයවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 21 වැනි ස්ථානයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
| 1 | ඕස්ට්‍රේලියාව | 50 | 38 | 42 | 130 |
| 2 | එංගලන්තය | 24 | 29 | 21 | 74 |
| 3 | ඉන්දියාව | 11 | 4 | 6 | 21 |
| 4 | නවසීලන්තය | 9 | 10 | 7 | 26 |
| 5 | දකුණු අප්‍රිකාව | 9 | 6 | 6 | 21 |
| 6 | කැනඩාව | 8 | 21 | 15 | 44 |
| 7 | වේල්සය | 7 | 8 | 7 | 22 |
| 8 | ස්කොට්ලන්තය | 6 | 10 | 12 | 28 |
| 9 | නයිජීරියාව | 4 | 4 | 0 | 8 |
| 10 | සයිප්‍රසය | 4 | 0 | 2 | 6 |
| 24 | ශ්‍රී ලංකාව | 0 | 1 | 2 | 3 |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.