Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඕස්ට්ඒෂියා බැඩ්මින්ටන් තරගාවලිය 11 වැනිදා සිට

ඕස්ට්ඒෂියා බැඩ්මින්ටන් තරගාවලිය 11 වැනිදා සිට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්ඒෂියා ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන විවෘත බැඩ්මින්ටන් තරගාවලියක් මේ මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා තලවතුගොඩ  ඕස්ට්ඒෂියා ක‍්‍රීඩා සමාජ පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට විවෘත අංශයෙන්පිරිමි කේවළ, පිරිමි යුගළ, කාන්තා කේවළ, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ තරග ඇතුළත් වන අතර ඊට අවුරුදු 11 න් පහළ සිට 17 න් පහළ දක්වා බාලක සහ බාලිකා වයස් කාණ්ඩ තරගද ඇතුළත් වේ.

තවද එහිදි අවුරුදු 40 න් ඉහළ පිරිමි, 40 න් ඉහළ කාන්තා, 50 න් ඉහළ පිරිමි සහ 50 න් ඉහළ කාන්තා යන කාණ්ඩ සඳහා යුගළ තරගද පැවැත්වේ. තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම්, කුසලාන සමගින් සහතික පත් ප‍්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 400 ක් පමණ අයැදුම්පත් යොමුකර ඇති අතර ඉදිරියේදී එය 500 ක් දක්වා වැඩිවනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

තරගාවලිය සදහා සහභාගී වීමට කැමති කණ්ඩායම් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට 0773-572973 හෝ 0115-566566 යන දුරකථන අංක ඔස්සේ බ‍්‍රයන් මහතා ඇමතීමෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

 

- 036


අදහස් (0)

ඕස්ට්ඒෂියා බැඩ්මින්ටන් තරගාවලිය 11 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.