Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔසාකා යළි පැමිණීමට සූදානමින්

ඔසාකා යළි පැමිණීමට සූදානමින්

editorial - 2021 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැකි ඉක්මනින් තමා නැවතත් තරග බිමිට පිවිසීමට බලාපොරොත්තු වන බව ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 කට හිමිකම් කියන ජපානයේ නයෝමි ඔසාකා පවසන්නීය.

මේ වන විට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන ඔසාකා, මෙම වසරේ (2021) ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තෙවැනි වටයේදී ලයිලා ෆර්නෑන්ඩස් හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව කෙටි විවේකයක් ලබාගැනීමේ අරමුණින් තාවකාලිකව තරග බිමෙන් ඉවත් විය.

විසිතුන් වැනි වියේ පසුවන ඔසාකා, මින් පෙර සිය මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමුකිරීම වෙනුවෙන් මෙම වසරේ විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියෙන් සහ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන්ද ඉවත් වීමට පියවර ගත්තාය.

“මම නැවත ක්‍රීඩා කරන බව මම දන්නවා. බොහෝ විට එය ඉතා ඉක්මනින් සිදුවේවි. මොකද නැවතත් තරග බිමිට පිවිසෙන්න මට ලොකු උවමනාවක් තියෙනවා. එහිදී මම ජයගත්තත්, පරාජය වුවත් මට කමක් නෑ. නැවතත් තරග වදින්නයි මට ඕනෑ.” යැයි ඔසාකා මාධ්‍ය අමතමින් පැවසුවාය.

“මම දිගින් දිගටම තරග වැදීමටත්, වැඩි තරගකාරීත්වයක නිරත වීමටත් කැමතියි. තරගයක් දිගු වෙන තරමටම එයින් මට ලැබෙන විනෝදයත් වැඩියි. පසුගිය කාලෙදි විවේකයක් අවශ්‍ය බව මට දැනුණා. ඒත් දැන් නැවත පැමිණීමට කාලය හරි කියලා මට හිතෙනවා.” යැයි ඔසාකා වැඩි දුරටත් කියා සිටියාය.

2018 වසරේ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී සිය පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනා ගැනීමෙන් පසු තමා දිගු කාලීන මානසික අවපීඩනයෙන් පීඩා විඳි බව ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වීමේදී ඔසාකා හෙළි කළාය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිණි සිළුව දැල්වීම සඳහාද දායකත්වය ලබාදුන් ඔසාකා, එහිදී නැවතත් තරග බිමට අවතීර්ණ වූ අතර තෙවැනි වටයේදී පරාජයට පත්වීම හේතුවෙන් ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වූවාය.


-036

 


අදහස් (0)

ඔසාකා යළි පැමිණීමට සූදානමින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.