Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජී.පී.එස්. අධීක්ෂණයට

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජී.පී.එස්. අධීක්ෂණයට

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ අධීක්ෂණයට භාජනය වන බව එහි සංවිධායක කමිටු ප්‍රධානී ටොෂිරෝ මුටෝ මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ද මෙම අධීක්ෂණයට යටත් වනු ඇත.

මෙම ජී.පී.එස්. පද්ධතිය යොදාගනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා නොවන බවත්, කොවිඩ්-19 ගැටලු ඇතිවුවහොත් ඊට පිළියම් යෙදීම සඳහා පමණක් බවත් මුටෝ මහතා වැඩි දුරටත් කියා සිටියේය.  මලල ක්‍රීඩක ගම්මානය තුළදී මත්පැන් පානය කිරීමට අවසර තිබේද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවද එහිදී මුටෝ මහතා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් -19 ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් ටෝකියෝව හදිසි තත්වයකට යටත් කර ඇති අතර ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ඇත්තේ තවත් සති හයක් වැනි කෙටි කාලයක් පමණි. ඔලිම්පික් උළෙල ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර පැරාලිම්පික් උළෙල අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින ඇතැම් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙල සඳහා සහභාගීවීමට නොහැකි වුවහොත් එය කණගාටුවට කරුණක් බවද මුටෝ මහතා පැවසීය.

මෑත සතිවලදී ජපානයට ඇතුළත්වන සහ පිටවන අය පාලනය කර ඇති නමුත් රටවැසියන් කියා සිටියේ එම පාලනය කිරීම් ක්‍රීඩා ආශ්‍රිත ඇතුළත්වීම් සඳහා බලපෑමක් නොකරන බවය. පාලනය කිරීම්වල එක් අංගයක් ලෙස එක්සත් රාජධානියේ සිට පැමිණෙන පුද්ගලයින්ට දින හයක කාලයක් නිරෝධායනය විය යුතු බවට මෙම සතිය මුලදී තීරණය කෙරිණ. මින් පෙර එම නිරෝධායන කාල සීමාව දින 3 ක් ලෙස පැවතිණ.

කෙසේ වෙතත් ඔලිම්පික් උළෙල සඳහා  ඇති සීමාවන්වලට අමතරව බ්‍රිතාන්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදුවන වෙනත් සීමා පිළිබඳව සංවිධායන් තම සංගමය දැනුවත් කර නැතැයි බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය පවසයි. ඉන් අදහස් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔලිම්පික් උළෙල සඳහා අවසරලත් පුද්ගලයන්ට ජපානයට පැමිණීමෙන් පසුව දින තුනක කාලයක් නිරෝධායන වීම ප්‍රමාණවත් බවය.

-036

 


අදහස් (0)

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජී.පී.එස්. අධීක්ෂණයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.