Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝගයෙන් වැඩ තහනමට ලක්ව සිටින ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව වසර පහක තහනමක් පැනවීමට එහි විධායක සභාව පසුගිය බ්‍රහස්පතින්දා (8) තීරණය කර තිබේ.
එය තහවුරු කරමින් ලංකාදීපයට අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සහාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා කියා සිටියේ මැක්ස්වෙල් ද සිල්වා මහතාට සිය විධායක සභාව අනුමත කළ තහනම වසර 2030 මැයි 8 වැනිදා තෙක් බල පැවැත්වෙන බව පැවැසීය.
" හිටපු මහ ලේකම්වරයා සම්බන්ධයෙන් විධායක සභාව සම්මත කළ නියෝගයන්ට අනුකූලව මම ක්‍රියාත්මක විය යුතුයි. මෙම තහනම ගෙවා අවසන් වන තෙක් ඔහුට මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ කිසිදු භූමිකාවකට ඉඩක් ලැබෙන්නේ නෑ.
ඔහුට කැමැති නම් මේ තහනමට එරෙහිව ජාත්‍යන්තර ඔලිම්පික් කම්ටුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකියි. ඒ හැරෙන්නට ජාතික ඔලිම්පික් කමිටුවට ඔහුගේ මෙම ප්‍රශ්නයට මැදිහත් වෙන්න වෙනත් කිසිදු ප්‍රතිපාදනයක් නෑ. ඔහු සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව විසින් ගත් තීරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දැනුම් දෙන්න මම කටයුතු කරනවා" යයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව මෙවැනි ඉහළම දඩුවමක් පැනවූ පළමු අවස්ථාව මෙය වන බව එම කමිටු ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවේ රෙගුලාසි උල්ලංඝණය කරමින් එහි ජේය්‍යෂ්ඨතම නිලධාරියෙකුට නොගැලපෙන ආකාරයේ හැසීරීමකින් කටයුතු කර ඇතැයි ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා කීපයක් සම්බන්ධයෙන් විමර්ෂණය කළ ආචාර ධර්ම කමිටුව විසින් තීරණය කළේය.
සුබ්‍රමනියම් මහතා පැවසුවේ බ්‍රහස්පතින්දා රැස්වූ විධායක සභාව ආචාර ධර්ම කමිටුව විමර්ෂණ වලදී සිල්වා මහතාට එරෙහිව ලබා දුන් නිර්දේෂ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බවයි.
පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉහත චෝදනා මුල් කර ගනිමින් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට ධූරයේ කටයුතු කිරීම වළක්වා ලමින් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නියෝගයක් ලබා දුන්නේය. ඊට එරෙහිව සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබෙන අතර එය ලබන සැප්තැම්බර් 2 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
කෙසේවූවත් එහිදී සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන්ට පැනවූ තහනම අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස සිල්වා මහතා කළ ඉල්ලීම අධිකරණය ඉවත දැමීය.
ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් මහතා සභාපතිත්වය දරන ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම අනු කමිටුව් සෙසු නිලධාරීන් වන්නේ වෛද්‍ය සීවලී ජයවික්‍රම හා නීතිඥ අෂේන් ස්ටැනිස්ලස් යන මහත්වරුන්ය.
මේ අතර මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ තහනමත් සමග මහ ලේකම් ධූරයේ වැඩ බැලීම සදහා පත් කළ එතෙක් උප ලේකම් ධූරය දැරූ චන්දන ලියනගේ මහතාටද මේ වන විට තහනමක් පනවා තිබේ. ඒ වෙනුවට දැන් මහ ලේකම් ධූරයේ වැඩ බලන්නේ විධායක සභිකයෙකු ලෙස නැවැත ඔලිම්පික් කමිටුවේ සේවයට පැමිණි රිෆ්ඩි ෆාමී මහතාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.