Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එෂාන් මැකාවෝ ශූරතාව දිනාගනී

එෂාන් මැකාවෝ ශූරතාව දිනාගනී

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ මැකාවෝ නුවරදී පැවැති මැකාවෝ ජාත්‍යන්තර කාර්ටින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මෙරට යොවුන් ධාවන ශූර එෂාන් පීරිස් සමත් විය. එක්ස්30 ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ තරග වැදුණ එෂාන්, එහිදී ඕස්ටේ්‍රලියාව, පිලිපීනය, චීනය, සිංගප්පූරුව සහ අනිකුත් අග්නිදිග ආසියානු රටවල් නියෝජනය තරමින් තරග වැදුණ ප්‍රධාන පෙළේ ධාවන ශූරයන් අභිබවා යමින් එම ශූරතාව දිනාගත්තේය.


චීනයේ රොයිස් යූ එම තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර පිලිපීනයේ ජෙකොබ් ඇන්ග් එහි තෙවැනි ස්ථානයට පත්විය.


සුදුසුකම් ලැබීමේ තරගයේදී සිදුවුණු අනතුරක් හේතුවෙන් එෂාන්ට දෙවැනියා ලෙස එම තරගය නිමා කිරීමට සිදු වූ අතර පළමු සහ දෙවැනි පෙරහුරු තරගවලදී මෙන්ම අවසන් පූර්ව තරගයේදීද පළමු ස්ථානය රැකගත් ඔහු, ඉතා දක්ෂ ලෙස අවසන් තරගයේ ජයද තමන් සතුකර ගත්තේය.


පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේදී 6 වැනි වටයේ සිට 18 වටය දක්වා පෙරමුණ ගැනීමට එෂාන් සමත් වුවත්, ඔහුට තරගය නිමා කිරීමට හැකිවූයේ ඕස්ටේ්‍රලියාවේ මාක් ටුලෝච්ට දෙවැනි වෙමිනි.


මැලේෂියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ උපාධි අපේක්ෂකයකු වන එෂාන්, මැලේසියාවේ ආර්.එල්. කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී විය.

 

-036

 


අදහස් (0)

එෂාන් මැකාවෝ ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.