Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ ජය මිලාන්හි සාන්ත මරියාට

එල්ලේ ජය මිලාන්හි සාන්ත මරියාට

editorial - 2021 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට)
ඉතාලියේ මිලාන් නුවර ක්‍රිස්ටි රාජ් මහතා ඇතුලු මිතුරු කැල 5 වන වරටත් සංවිධානය කල රණවිරු උපහාර කණ්ඩායම් 8 එල්ලේ තරඟමාලාවේ ශුරතාව දිනා ගැනිමට මිලාන් හි සාන්ත මරියා කණ්ඩායම සමත් විය.                                                                                                                                           
මිලාන් හි නොවාරා ක්‍රීඩාංගණයේ පැවති තරඟාවලියට මිලාන් සාන්ත ජෝශප් මෙම මිලාන් සාන්ත ආනා,  මෝදනා එකමුතු, වෙරොනා එක්සත්, මිලාන් පාතීමා, මිලාන් සිංහ පැටව්, මිලාන් සාන්ත ආනා, මිලාන් සාන්ත මරියා, වෙරොනා සඳතරු යන කණ්ඩායම් එක්ව සිටියහ.
 
අවසන් මහා තරඟයේදි පළමුවෙන් පන්දුවට පහර දුන් මෝදනා එකමුතු කණ්ඩායම පන්දු 7 දි කිසිදු ලකුණක් ලබා නොගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මිලාන් සාන්ත මරියා කණ්ඩායම පන්දු 4 දි ලකුණු 1 ක් ලබා ජයග්‍රහණය කලේය.
 
ජායාරූපය - ජයග්‍රාහි මිලාන්හි සාන්ත මරියා ක්‍රීඩා සාමාජය

අදහස් (0)

එල්ලේ ජය මිලාන්හි සාන්ත මරියාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.