Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ කණ්ඩායමක් ඉතාලියට

එල්ලේ කණ්ඩායමක් ඉතාලියට

editorial - 2021 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළත් ක්‍රීඩා සමාජ සහභාගි වන  එල්ලේ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් මෙරටින් කණ්ඩායමක් සහභාගි කෙරේ.  එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා ඒ පිළිබඳව තහවුරු කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රබල එල්ලේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉතාලියට යැවීමට අපේක්ෂා කරන බවත් ඔහු එහිදී පැවසීය. ජයතිස්ස රුද්‍රිගු මහතා පැවැසුවේ එල්ලේ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා මේ වනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බවයි.  රුද්‍රිගු මහතා පැවසුවේ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අනුමැතිය ලැබීමත් සමග දේශීය තරග මාලා අරඹමින් අන්තර් ආයතන තරගාවලිය පළමුවෙන් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.  

කොරෝනා වසංගතය හේතුවෙන් රැස්වීමට නොහැකි වූ එල්ලේ සම්මේලනයේ විධායක සභාව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සභාපතිවරයා කටයුතු කර තිබේ. ලබන ඔක්තෝබර් 1 වැනිදා රට තුළ සංචරණ සීමා ඉවත් කරනු ඇතැයි අපේක්ෂාවෙන් එල්ලේ සම්මේලනයේ විධායක සභා රැස්වීමක් ඉතා ඉක්මණින් නුදුරේදී කැඳවීමට නියමිත බවත් ඔහු පවසයි.


අදහස් (0)

එල්ලේ කණ්ඩායමක් ඉතාලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.