Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උසස් කබඩි පාඨමාලාව 29 වැනිදා සිට

උසස් කබඩි පාඨමාලාව 29 වැනිදා සිට

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මට්ටමේ කබඩි පුහුණුකරුවන් සඳහා වන උසස් ප්‍රවීනතා පාඨමාලාව මෙම 29 වැනිදා සිට සූම්  තාක්ෂණය ඔස්සේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසන්නේ ජාතික මට්ටමේ මෙරට කබඩි පුහුණුකරුවන් සඳහා ශ්‍රී ලංකාවේදී මෙවැනි උසස් පාඨමාලාවන් පැවැත්වෙන්නේ පළමු වවතාවට බවයි. ඒ සඳහා අයැදුම්කරුවන් 10 දෙනෙකු පමණක් ඉදිරිපත්වී තිබේ.

මාස 9 පුරා පැවැත්වෙන සම්පූර්ණ පාඨමාලාව මෙහෙයවීමට ආරම්භයේදී ‘සූම්’ තාක්ෂණය භාවිතා කළත් එහිදී දෙස් විදෙස් පුහුණුකරුවන් හා උපදේශකවරුන්ගේ කැඳවීමෙන් කොළඹදී ප්‍රායෝගික වැඩමුළුව හා දේශන ගණනාවක්ද පැවැත්වෙන බව ද කබඩි සභාපතිවරයා පවසයි.

ඉන්දියාවේ ප්‍රකට කබඩි  පුහුණුකරුවකු හා උපදේශකවරයෙකු වන කේ. බාස්කරන් මහතා ද ඒ සඳහා එක්වනු ඇත.  බාස්කරන් මහතාගේ දේශන වෙනුවෙන් පැය 30 ක කාලයක් වෙන් කෙරේ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ මෙහෙයවීමෙන් හා ආසියානු කබඩි සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණයෙන් පාඨමාලාව සංවිධානය කෙරේ.


- 223


අදහස් (0)

උසස් කබඩි පාඨමාලාව 29 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.