රියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේ රෝද පුටු ටෙනිස් තරගාවලියේ ඊයේ (11) පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයේ තරගයේදී එංගලන්ත ක්‍රීඩක ඇල්ෆි හිවෙට් හමුවේ ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා තරග වට 2-0 ක පරාජයක් ලැබීය. තරගය 6-1, 6-2 ක් ලෙස එංගලන්ත ක්‍රීඩකයා ජය ගත්තේය.
උපාලි සිය පළමු තරගයේදී කොරියාවේ ලීහා ජෙල් පරදවා තරග වට 2-1 ක ජයක් ලබා දෙවැනි වටයට සුදුසුකම් ලැබීය.
ලොව පුරා සිටින ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් උරගා බැලෙන පැරලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 18 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී පැවැත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකවෝ නව දෙනෙක් සහභාගි වී සිටිති.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.