Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උදානගේ දස්කම් රාජෂාහි කිංග්ස් පිල දිනවයි

උදානගේ දස්කම් රාජෂාහි කිංග්ස් පිල දිනවයි

Nisanka Sandeepani - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉසුරු උදානගේ දක්ෂ පන්දුයැවීම නිසා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට රාජෂාහි කිංග්ස් කණ්ඩායම සමත් විය. 

එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 117 කට සීමා කිරීමට ඉසුරු උදාන ප්‍රමුඛ රාජෂාහි පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ උදාන සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. 

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජුනේඞ් සිද්දික්ගේ ඉනිම ලකුණු 23 කට සීමා කළ උදාන, අනතුරුව ඬේවිඞ් වයිස්ගේ (14) සහ සුබාෂිස් රෝයිගේ (0) කඩුලු බිඳ දැමුවේය. ඉන් නොනැවතුණ ඔහු ශරිෆුල් ඉස්ලාම් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමටද සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය රාජෂාහි කිංග්ස් කණ්ඩායම ඕවර 18.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. 

කුල්නා ටයිටන්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 117 
(පෝල් ස්ටාර්ලින් 16, ජුනේඞ් සිද්දික් 23, ඬේවිඞ් මැලන් 22, ඬේවිඞ් වයිස් 14, ඉසුරු උදාන 15/3, මුස්තෆිරුස් රෙහෙමාන් 18/2) 

රාජෂාහි කිංග්ස් කණ්ඩායම - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 118 
(මොමිනුල් හක් 44, මෙහෙදි හසන් 51)   

-036 


අදහස් (0)

උදානගේ දස්කම් රාජෂාහි කිංග්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.