Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඊවා දැල්පන්දු තරගමාලාව කාන්තා-පිරිමි කාණ්ඩ දෙකකින්

ඊවා දැල්පන්දු තරගමාලාව කාන්තා-පිරිමි කාණ්ඩ දෙකකින්

editorial - 2023 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බස්නාහිර පළාත් දැල්පන්දු (නෙට්බෝල්) සංගමය 67 වැනි වරටත් සංවිධානය කරන ‘ඊවා’ කුසලාන සමස්ත ලංකා (විවෘත) දැල්පන්දු තරග මාලාව කාන්තා හා පිරිමි ප්‍රධාන කාණ්ඩ හතරකින් සමන්විතව ලබන ජනවාරි 13-14 කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනීම ලබන ජනවාරි 5 වැනිදා දක්වා සිදු කෙරෙන අතර තරඟ නිල කාලසටහන එළිදැක්වීම ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කෙරෙන්නේ ජනවාරි 10 වැනිදා පස්වරු 5 ටය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ සභාපතිනි සන්ධ්‍යා රාජපක්ෂ මහත්මිය පැවැසුවේ පාසල් කාණ්ඩයේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අයැදුම්පත් ගාස්තුවෙන් නිදහස් කර ඇති බවයි.

දීර්ඝතම කාලයක් තිස්සේ ප්‍රාදේශීය දැල්පන්දු සංගමයක් විසින් සංවිධානය කරන මෙම එකම සමස්ත ලංකා විවෘත දැල්පන්දු තරගමාලාව සඳහා 27 වැනි වතාවටත් අනුග්‍රාහය දැක්වීමට ‘ඊවා’ සනීපාරක්ෂක තුවා සන්නාමය යටතේ කොළඹ අයි.සී.එල්. බ්‍රෑන්ඩ්ස් පෞද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

මෙම දැල්පන්දු තරගමාලාවට පිරිමි තරගාවලියක්ද ඇතුළත් වන අතර එහිදී දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේදී දැල්පන්දු රැජිනට අමතරව දක්ෂතම ක්‍රීඩකයාට හිමි දැල්පන්දු රජු සම්මානය ප්‍රදානය කෙරේ.

තරග අයැදුම්පත් සොරායා ෆාජුඩීන් මහත්මිය ලේකම්, ‘අමල්’ මිලේනියම් සිටි, අතුරුගිරිය යන ලිපිනයට යොමු කළ යුතුය. තරග අයැදුම්පත්‍රිකා ඇයගෙන් සහ නිමාලිකා කුෂාන්තිකා මහත්මිය, තරග ලේකම් 46/20/1, ගැමුණු පාර, වත්තල යන ලිපිනයෙන්ද ලබා ගත හැකිය.

තරගමාලාව වැඩි තොරතුරු ලබා ගැනීම 0761717286 හෝ 0769122778 යන දුරකතන ඔස්සේ සිදු කළ හැකිය. කණ්ඩායම් 124 ක් සහභාගී වූ 2024 තරග මාලාවේ ඒ කාණ්ඩයේ කාන්තා හා පිරිමි ශූරතා පිළිවලින් ගුවන්හමුදාව හා ‘යුනයිට්’ ක්‍රීඩා සමාජය විසින් දිනාගත්හ. පාසල් කණ්ඩයේ ශූරතා තුනම දිනා ඇත්තේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ (බාලිකා) කන්‍යාරාමයයි.

තරගමාලාවට එක්වන පාසල් 20 ක් සඳහා මෙවරත් පාසල් උපකරණ ප්‍රදානයක් සිදු කෙරෙන බව තරග සංවිධායකයෝ පවසති.

 

තරග මාලාවට ඇතුළත් කාණ්ඩ -
‘ඒ’ කාණ්ඩය විවෘත කාන්තා හා විවෘත පිරිමි
‘බී’ කාණ්ඩය (කාන්තා)
පාසල් කාණ්ඩය – වයස 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ හා ප්‍රවීණයන්ගේ (වයස 40 ට වැඩි) කාණ්ඩය 

 


අදහස් (0)

ඊවා දැල්පන්දු තරගමාලාව කාන්තා-පිරිමි කාණ්ඩ දෙකකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.