කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙන දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (19 වැනිදා) පැවැති කාන්තා වෝටර් පෝලෝ තරගය ගෝල 8-4 ක් ලෙස ජයගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ආරම්භයේ සිටම දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු කාර්තුවේ අවසානයේ ගෝල 3-1 ක් පෙරමුණ ගැනීමට සමත් වූහ. දෙවැනි කාර්තුවේදී තරගය තරමක් උණුසුම් මුහුණවරක් ගත් අතර එහිදී දෙපිලම ගෝල 2 බැගින් ලබාගනිමින් ගෝල 5--3 ක් ලෙස තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය.
කෙසේ වෙතත් තෙවැනි කාර්තුවේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ එහිදී ගෝල 2 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තෙවැනි කාර්තුවේදී ගෝල ලබාගැනීමට නොහැකි විය.
සිව්වැනි කාර්තුවේදී දෙපිලම ගෝලය බැගින් ලබාගත් අතර නියමිත කාලය අවසන් වන විට ගෝල 8-4 ලෙස සමස්ත තරගයේ ජය තමන් සතු කරගැනීමට තරගය පුරා සිය අණසක පැතිරවූ ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඉන්දියාව වෙනුවෙන් පූජා බූමකුමාරි, පායලී සන්ත්‍රා සහ අනුශ්‍රී දාස් ගෝල 2 බැගින් ලබාගත් අතර ද්රිෂ්යා කුමාරි සහ කීර්තනා චන්ද්‍රා එක් ගෝලය බැගින් ලබාගත්හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සෂී වීරවර්ධන, තුෂාරි ඒකනායක, ශෙනාලා ඬේවිඞ් සහ නදිෂ්කා සේනානායක ගෝලයක් බැගින් ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.