Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු මේසපන්දු ශූරතාවලියට 9 ක්

ආසියානු මේසපන්දු ශූරතාවලියට 9 ක්

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

මේ මස 28 වැනිදා ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මේසපන්දු ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේද, නායිකාව ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරයේ ඉෂාරා මධුරංගිද නම් කර තිබේ.
 
ඔවුන් අතරින් කණ්ඩායම් නායක චමීර සහ නායිකා ඉෂාරා දකුණු ආසියානු මේසපන්දු තරගාවලිවලදී කිහිප වරක්ම රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටිති. සෙනුර සහ බිමන්දි පිළිවෙලින් එහිදී ලෝකඩ සහ රිදී පදක්කම් දිනා ගත්හ. කෙසේ වුවත් ආසියානු මේසපන්දු තරගාවලියකදී පදක්කමක් දිනාගැනීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක තවමත් සමත්වී නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 8 වැනිදා සිට ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා නේවාසිකාගාරයේ ජෛව බුබුළත් තුළ රැදෙමින් පුහුණුවීම්වල නිරත වූ අතර කටාර් රාජ්‍යයට යෑමෙන් අනතුරුව ඔවුන් පැය 48 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතුය. මෙම තරගාවලියේදී පිරිමි කණ්ඩායම්, කාන්තා කණ්ඩායම්, පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන තරග ඉසව් පැවැත්වේ.

නොවැම්බර් මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා ඇමරිකාවේදී 56 වැනි ලෝක මේසපන්දු ශූරතාවලිය සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සැලකෙන අතර එහිදී පළමු කණ්ඩායම් 16 අතරට පැමිණීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවටද ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාවනු ඇත.

අවසන් වරට පැවැති ආසියානු මේසපන්දු තරගාවලියේදී 15 වැනි ස්ථායට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර පිරිමි කණ්ඩායමට එහි 23 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා අදියර 2 කින් සමන්විත වූ තේරී තේරීම් තරගාවලියක් ජූලි මාසයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී පළමු ස්ථාන 3 ට පත්වූ ක්‍රීඩකයන් තිදෙනාට සහ ක්‍රීඩිකාවන් තිදෙනාට තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාදෙන අතර තරගාවලියට සුදුසුකම් ලැබූ සෙසු ක්‍රීඩකයන් දෙදෙනා සහ ක්‍රීඩිකාව සිය පෞද්ගලික වියදමින් ඊට සහභාගි වනු ඇත.

ආසියානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා චීනය, ජපානය, දකුණු කොරියාව, උතුරු කොරියාව, හොං කොං, චීන තායිපේ සහ සිංගප්පූරුව වැනි ප්‍රධාන පෙළේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් සහභාගි වෙති.

අවසන් වරට ඉන්දුනීසියාවේදී පැවැති 24 වැනි ආසියානු මේසපන්දු තරගාවලියේදී පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට චීනයේ සූ සින් සමත් වූ අතර කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට චීනයේ සුන් යින්ග්ෂාසා සමත් වූවාය.

මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුගේ සහ ක්‍රීඩිකාවන් දෙදෙනකුගේ පළමු විදෙස් තරග සංචාරයද මෙය වේ. චතුර දුල්ෂාන් මහතා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.


ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම
චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), සෙනුර ද සිල්වා (කොළඹ ආනන්ද විදුහල), මිලින්ද ලක්ෂිත (ඕ.එම්.බී.සී. සොලූෂන්ස් ආයතනය), නිමේෂ් රංචාගොඩ (නාවික හමුදාව), ඉමන්ත උදන්ජය (යුද හමුදාව),
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් බාලිකා විදුහල), මුතුමාලි ප්‍රියදර්ශනී (නාවික හමුදාව) සහ තනුෂි රොද්‍රිගූ (යුද හමුදාව)


අදහස් (0)

ආසියානු මේසපන්දු ශූරතාවලියට 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.