Last Update  :  2024-05-17 14:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු පාසල් තරගාවලියෙන් රන් පදක්කම් 4 ක්

ආසියානු පාසල් තරගාවලියෙන් රන් පදක්කම් 4 ක්

editorial - 2023 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

උස්බෙකිස්තානයේදී  ඊයේ (20 වැනිදා) නිමාව දුටු ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රන් පදක්කම් හතරක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් සමත්වූහ. කොළඹ රාජකීය විදුහලේ විනුක විජේරත්න, රත්නපුර ෆර්ගිසන් බාලිකා විද්‍යාලයේ මුදලිගේ උමන්දි හා මාතර සුජාතා විදුහලේ පෙහන්සා සමරවීර ඔවුහුය.

වයස 11න් පහළ බාලක වේගී සහ අධිවේගී චෙස් තරගාවලි දෙකේ රන් පදක්කම් දෙකම කොළඹ රාජකීය විදුහලේ විනුක විජේරත්න විසින් දිනාගන්නා ලදි.

ක්ලැසිකල් චෙස් තරගාවලියේ වයස 13 න් පහළ බාලිකා රන් පදක්කම රත්නපුර ෆර්ගිසන් බාලිකා විදුහලේ මුදලිගේ උමන්දි විසින්  දිනාගන්නා ලදි.

මාතර සුජාතා බාලිකා විදුහලේ පෙහන්සා සමරවීර වයස 7න් පහළ බාලිකා  රන් පදක්කම දිනා ගත්තාය.


අදහස් (0)

ආසියානු පාසල් තරගාවලියෙන් රන් පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.