Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු දැල්පන්දු සභාවේ ලංකාවේ අසුන විජේරත්නට

ආසියානු දැල්පන්දු සභාවේ ලංකාවේ අසුන විජේරත්නට

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ජෙන්ජූ නුවරදී ජූනි 27 වැනිදා ආරම්භ වන 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සමගාමිව පැවැත්වෙන ආසියානු දැල්පන්දු සම්මේලනයේ මහ සහා සැසි වාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) අයි.පී.විජේරත්න මහතා සභභාගි වෙයි.

එම මහ සහා රැස්වීම ජූලි 2 වැනිදා ගුමී නුවරදී පැවැත්වේ.මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙන බැවින් දැනට මෙරට දැල්පන්දු පරිපාලනය සම්බන්ධ්කරණය කරමින් පවත්වා ගෙන යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.

ඒ හේතුවෙන් එහි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරියකුට ජෙන්ජූ නුවරදි පැවැත්වෙන ආසියානු දැල්පන්දු සම්මේලන සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

විජේරත්න මහතා පැවැසුවේ ජූලි 2 වැනිදා පැවැත්වෙන සමුළුවේදී වසර 2027 ට නියමිත 15 වැනි ආසියානු යොවුන් තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යෝජනාවක් ගෙන එන බවයි.

මෙවර ආසියානු යොවුන් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයේ සම්බන්ධිකරණ කටයුතු  ක්‍රීඩා සංවර්ධන  දෙපාර්තමේන්තුව වෙනුවෙන්  මෙහෙයවූයේ විජේරත්න මහතා විසිනි.

 


අදහස් (0)

ආසියානු දැල්පන්දු සභාවේ ලංකාවේ අසුන විජේරත්නට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.