Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු 14 න් පහළ අවසන් මහ තරග හෙට

ආසියානු 14 න් පහළ අවසන් මහ තරග හෙට

ශනුක අරවින්ද - 2017 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ පළමු අදියරේ බාලක සහ බාලිකා අවසන් මහ තරග හෙට (3 වැනිදා) ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බාලක අවසන් මහ තරගයේදී චාතුර්ය නිලවීරට එරෙහිව නේලක දිසානායකද, බාලිකා අවසන් මහ තරගයේදී අංජලිකා කුරේරාට එරෙහිව ඔනෙලි පෙරේරාද තරග වදිති.

අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩක ක්‍රිෂැග් රඝුවන්ෂි පරාජය කරමින් චාතූර්ය නිලවීර බාලක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නේලක දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තෙහාන් විජේමාන්න පරාජය කරමිනි.

බාලිකා අවසන් පූර්ව වටයේදී හේෂානි ඉමංගා පරාජය කරමින් අංජලිකා කුරේරාද, තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරමින් ඔනෙලි පෙරේරාද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්හ.

බාලක අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල
■    චාතූර්ය නිලවීර විසින් තරග වට 2-0 ක් ලෙස ක්‍රිෂැග් රඝුවන්ෂි (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/1, 6/1)
■    නේලක දිසානායක විසින් තරග වට 2-1 ක් ලෙස තෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (4/6, 7/5, 6/3)

බාලිකා අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල
■    අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස හේෂානි ඉමංගා පරාජය කරන ලදි. (6/2, 6/0)
■    ඔනෙලි පෙරේරා විසින් තරග වට 2-0 ක් ලෙස තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරන ලදි. (6/3, 6/3)

 


අදහස් (0)

ආසියානු 14 න් පහළ අවසන් මහ තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.