ආසියානු චෙස් සම්මේලනය මෙහෙයවන 14 න් පහළ ආසියානු කුසලාන චෙස් තරගාවලියට සහාභාගීවීම සඳහා ශ්‍රී ලංකා 14 න් පහළ කණ්ඩායම මේ මස 04 වැනිදා චීනය බලා පිටත්ව යයි.
චීනයේ ෂැන්හයි නුවර ලබන 5 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කොළඹ ඩී.එස්. සේනානානායක විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා සහභාගී වන අතර ශ්‍රී ලංකා 14 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කුලියාපිටිය මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සහභාගීවේ.
හර්ෂණ 2014 දී ලෝක පාසල් 11 න් පහළ බ්‍රසීල් ශූරතාව දිනාගත් අතර 2015 දී සිගප්පූරුවේ දී පැවති 13 න් පහළ ආසියානු පාසල් තරගාවලියේ ලෝකඩ පදක්කමද දිනාගත්තේය. ශ්‍රී ලංකා පිලේ නායකයා පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියද නියෝජනය කළ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකි.
උප නායක සසිත් නිපුණ පියමන්ත අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට සහභාගීවන අතර 14 න පහළ යොවුන් තරගාවලියේ රිදී පදක්කම් ලාභියකුද වෙයි. හෙතෙම 2014 දී වයස 12 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ෆිඬේ මාස්ටර් සම්මානයද හිමිකර ගත්තේය.
කුලීස සාරානාත් නානනායක්කාර මීගමුවේ ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කරන අතර 13 ක් පහල කේවල ශූරතාවද ආසියානු සහ ලෝක හා යොවුන් ජත්‍යන්තර තරග රැසක්ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරන රන්නිඳු දිල්ශාන් ලියනගේ එවැනිම ජාත්‍යන්තර තරග රැසක් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. නවක ක්‍රීඩකයෙක් වශයෙන් එක්වන ලසල් ජයවර්ධන නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් තරගාවලියට එක්වේ.
ඉදිරිපෙළ වමේ සිට දකුණට
සසිත් නිපුන් (උපනායක), ආර්.එම්.එම්. රත්නායක මහතා (කණ්ඩායම් ප්‍රධානී), ලක්ෂ්මන් විජේසූරිය මහතා (ලේකම් පොදුරාජ්‍ය මණ්ඩල චෙස් සම්මේලනය) හර්ෂණ තිලකරත්න (නායක)
පසුපෙළ
රනිඳු දිල්ෂාන්, මිලින්ද ජයවර්ධන, කුලීස සාරානාත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.