Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කී‍්‍රඩා උළෙලට යන ශී‍්‍ර ලංකා කණ්ඩායම

ආසියානු කී‍්‍රඩා උළෙලට යන ශී‍්‍ර ලංකා කණ්ඩායම

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරියාවේ, ඉංචියොන්හිදී මේ මස 19 වැනිදා ආරම්භ වන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 80 කින් සහ නිලධාරීන් 31 කින් සමන්විත 111 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) පස්වරුවේ ටොරින්ටන්හි නිදහස් චතුරඝ‍්‍රයේදී නිල ඡයාරූපයට පෙනී සිටියේය. මේ අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.  

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිල ඇදුම් පිරිනැමීම ද අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මුලස්ථානයේදී පැවැත්විණි.

ආසියානු ක‍්‍රීඩා උළෙලට මලල ක‍්‍රීඩා (11), බොක්සිං (04), කාන්තා විස්සයි20 ක‍්‍රිකට් (15), පිරිමි විස්සයි20 ක‍්‍රිකට් (15), හොකී (16), සත් සාමාජික රග්බි (12), රුවල් ඔරු (01), වෙරළ වොලිබෝල් (04), බර ඉසිලීම (01) සහ මල්ලවපොර (01) යන ක‍්‍රීඩා සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වෙති.

නිල ඡයාරූප අවස්ථාවට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නොපැමිණි අතර එම කණ්ඩායම මැලේසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වී ඊයේ (10) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව දන්වා ඇතැයි වාර්තා වේ.

 


අදහස් (0)

ආසියානු කී‍්‍රඩා උළෙලට යන ශී‍්‍ර ලංකා කණ්ඩායම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.