ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10 වැනිදා) පෙරවරු 6.10 ට දිවයිනෙන් පිටත්ව යයි. මේ මස 12 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම කී‍්‍රඩකයන් 2 දෙනකුගෙන්, කී‍්‍රඩිකාවන් 5 දෙනකුගෙන් සහ නිලධාරීන් 2 දෙනකුගෙන් සමන්විත වේ. අගෝස්තු මාසයේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේදී රිදී පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පමණක් මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.
එහිදී වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා කණ්ඩායම් ඉසව්වෙන්, වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා යුගල ඉසව්වෙන්, වයස 15 න් පහළ ආධුනික බාලක කණ්ඩායම් ඉසව්වෙන් සහ වයස 15 න් පහළ ආධුනික බාලිකා කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමිවිය.
චතුර ද සිල්වා මහතා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු ලෙස කටයුතු කරන අතර පි‍්‍රයානි දිසානායක මහත්මිය කාන්තාවන් භාර නිලධාරිණිය ලෙස කණ්ඩායමට එක්ව සිටින්නීය.
බාලිකා කනිෂ්ඨ කණ්ඩායම
රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල), මුතුමාලි පි‍්‍රදර්ෂනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල), තෙදිනි තුෂාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
බාලක ආධුනික කණ්ඩායම
දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල), හිම්සර ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
බාලිකා ආධුනික කණ්ඩායම
හංසනී කපුගීකියන (කොළඹ විශාකා විදුහල), චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.