Last Update  :  2024-05-17 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආනන්ද විදුහලටත් ටයිකොන්ඩෝ

ආනන්ද විදුහලටත් ටයිකොන්ඩෝ

editorial - 2023 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටයිකොන්ඩෝ ක්‍රීඩාව පළමු වරට කොළඹ ආනන්ද විද්‍යාලයට හඳුන්වා දී තිබේ.

ආදි ආනන්දීය ක්‍රීඩා සංගමයේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ආනන්ද විද්‍යාලයට ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්විණ.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආදි ආනන්දීය ක්‍රීඩා සංගමයේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගි විය. ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කංචන ජයරත්න මහතාත්, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී. එල්. එම්. පී. දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීහු රැසක්ම මෙම අවස්ථාවට සහභාගි වූහ.

ආනන්ද විද්‍යාලයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ නියුතු දරුවන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ තොගයක්ද කංචන ජයරත්න මහතා විසින් එදින ආනන්ද විද්‍යාලයට පරිත්‍යාග කරන ලදි.

 


අදහස් (0)

ආනන්ද විදුහලටත් ටයිකොන්ඩෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.