ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ආධුනික බොක්සිං ශූරතාවලිය හෙට (28 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වයස අවුරුදු 19 ත් 40 ත් අතර පසුවන, මින් පෙර ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ, ක්ලිෆඞ් කුසලාන සහ ලේටන් කුසලාන වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලබා නොමැති තරගකරුවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහි සියලු තරග අන්තර් ජාතික ආධුනික බොක්සිං සම්මේලනය මගින් හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පිරිමි අංශයේ තරග විනාඩි 3 බැගින් වන වට 3 කින්ද, කාන්තා අංශයේ තරග විනාඩි 2 බැගින් වන වට 4 කින්ද සමන්විත වේ.
මෙවර තරගාවලිය සඳහා මාස් සමූහ ව්‍යාපරය නියෝජනය කරන ස්ලිම්ලයින්, මාස් සදර්න්, යුනිචෙලා, සිලුවේටා, කැෂුවල්ලයින්, ගාන්ධාර සහ ලීනියා යන ක්‍රීඩා සමාජද, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියද, දිවයින පුරා පාසල් රැසක්ද නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සඳහාද කුසාලන පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.