Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අස්ලාම් - රිම්සාන් අවසන් තරගයට

අස්ලාම් - රිම්සාන් අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය විසින් 65 වැනි වරටත් සංවිධානය කරනු ලබන 2018 ජාතික බිලියඞ් ශූරතා තරගාවලියේදී එස්. එච්. එම් අස්ලාම් සහ එච්. ඒ. එම් රිම්සාන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. අර්ධ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් පූර්ව වටයේ තරග අද (04 වැනිදා) කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ බිලියඞ් ශාලාවේදී පැවැත්විනි.

අවසන් පුර්ව තරගයේ දෙවැනි අදියරේදී එක එල්ලේම ලකුණු 198 ලබා ගනිමින් මෙවර තරගාවලියේ නව වාර්තාවක් බිහි කිරීමට අස්ලම් සමත් විය.

කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ බිලියඞ් සහ ස්නූකර් ශූරයකු වන හෙන්රි බොතේජුගෙන් පසුව කෝඩුකාර ක්‍රීඩකයෙකු වශයෙන් මෙවර තරගාවලියට එක්වූ එච්. ඒ. එම්. රිම්සාන් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම විශේෂත්වයක් විය.


අවසන් මහ තරගය හෙට (5 වැනිදා) මුවර්ස් ක්‍රීඩා සමාජ බිලියඞ් ශාලාවේදී පැවැත්වේ.


අවසන් පූර්ව තරග ප්‍රතිඵල

■    එස්.එච්.එම් අස්ලාම් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් ප්‍රසන්න ගුරුගේ (ගාල්ල) පරාජය කරන ලදී. - (1102/500)
■    එච්.ඒ.එම් රිම්සාන් (තරුණ ක්‍රිස්තියානි සංගමය) විසින් එම්.එම් ජෙෆ්රි (ගාල්ල) පරාජය කරන ලදී. - (602/526)


- 092

 


අදහස් (0)

අස්ලාම් - රිම්සාන් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.