Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ අද (10 වැනිදා) පැවැති බාලක කේවල සිව්වැනි වටයේදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව වූ රන්තුෂ්ක සසිඳුටත් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයේ පසුවන සිංගප්පූරුවේ සින් රේයි රයන් හමුවේ වට 2--0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් රන්තුෂ්කට තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (අවසන් 16 දෙනාගේ වටය) සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.
මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉහළම දක්ෂතා දැකවූ රන්තුෂ්ක සසිඳු, බාලක කේවල ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයන් 170 අතරින් අවසන් ක්‍රීඩකයන් 32 අතරට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
බාලක කේවල දෙවැනි වටයේ තරගයකදී චීන තායිපේහි චෙන් සින් යුවාන්ට එරෙහිව වට 2--0 ක ජයක් අත්කරගනිමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් රන්තුෂ්ක, එහිදී නොර්වේහි මාර්කස් බර්ත්ට එරෙහිව වට 2--1 ක ජයක් අත්කරගනිමින් සිව්වැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.
බාලක කේවල තෙවැනි වටයේ තරගයකදී ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් අතරේ 55 වැනි ස්ථානයේ පසුවන ස්කොට්ලන්තයේ ක්‍රිස්ටෝපර් ග්‍රිම්ලි හමුවේ පරාජයට පත්වීම නිසා මධුක දුලංජනට අවසන් ක්‍රීඩකයන් 32 අතරට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
බාලිකා කේවල ඉසව්වට සහභාගි වූ බුත්මි ගලගමගේට එහි අවසන් ක්‍රීඩිකාවන් 32 අතරට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූයේ තෙවැනි වටයේදී ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් අනුව 39 වැනි ස්ථානයේ පසුවන ජපානයේ අසුකා තකහෂී හමුවේ පරාජය වීම හේතුවෙනි.
බාලක යුගළ දෙවැනි වටයේ තරගයකදී මැලේසියාවේ ජුන් හාඕ ලියෝන්ග් සහ සී හෙන්ග් ඕයි හමුවේ වට 2--0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශාමික හසරංගට සහ පසිඳු පල්ලියගුරුගේට එම ඉසව්වෙන් ඉවත්වීමට සිදුවිය.
බාලිකා යුගළ දෙවැනි වටයේ තරගයකදී නෙදර්ලන්තයේ මාලීස් බාන්ට සහ ඇලීසා ටිර්සෙන්ටොනෝට එරෙහිව තරග වැදුණ බුත්මි ගලගමගේට සහ නයනතාරා ටෙෂානිටද එම ඉරණමම අත්වූ අතර එම තරගයෙන් ඔවුහු වට 2--0 ක පරාජයක් ලැබූහ.
බාලක කේවල සිව්වැනි වටය
■ සින් රේයි රයන් (සිංගප්පූරුව) විසින් වට 2--0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදි. (21/14, 21/08)
බාලක යුගළ දෙවැනි වටය
■ ජුන් හාඕ ලියෝන්ග් සහ සී හෙන්ග් ඕයි (මැලේසියාව) විසින් වට 2--0 ක් ලෙස ශාමික හසරංග සහ පසිඳු පල්ලියගුරුගේ පරාජය කරන ලදහ. (21/12, 21/08)
බාලිකා යුගළ දෙවැනි වටය
■ මාලීස් බාන් සහ ඇලීසා ටිර්සෙන්ටොනෝ (නෙදර්ලන්තය) විසින් වට 2--0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානි පරාජය කරන ලදහ. (21/18, 21 13)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.