Last Update  :  2025-10-22 19:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අලුත්ගම විදුහලේ දසිදුට ශූරතා තුනක්

අලුත්ගම විදුහලේ දසිදුට ශූරතා තුනක්

editorial - 2025 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික - අතරමැදි - වයස් කාණ්ඩ මේසපන්දු තරගාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට අලුත්ගම මහ විදුහලේ දසිදු සත්සිලු  සමත් විය.ඒ වයස 17 න් පහළ (බාලක),19 න් පහළ (බාලක) හා අතරමැදි (පිරිමි) යන කේවල ශූරතා දිනා ගනිමිනි.

මෙම තරගාවලිය බණ්ඩාරගම ගෘහස්ථ පිටියේදී මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය සජීව ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපතිවරයකු වන චතුර ජයේන්ද්‍ර මහතාද ජය සංකේත ප්‍රදානෝත්සවයට සහභාගි විය.

 

තරගාවලියේ ශූරතාලාභීන්

• වයස 7 න් පහළ : - බාලක -නෙතුන් මින්හස් (කදාන ද මැසිනද්), බාලිකා : - සනුකී නිනෙත්මා (වාරියපොළ ශ්‍රී සුමංගල)

• වයස 9 න් පහළ : - බාලක - නිලේෂ් ප්‍රියංකර (පානදුර ලයිසියම්), බාලිකා : -එම්.එම්.හජාර් (ගාල්ල මුස්ලිම් කාන්තා)

• වයස 11න් පහළ :- බාලක - විදුර රන්සත් (කහන්තොට ප්‍රාථමික), බාලිකා- දහම්දී ගුණතිලක (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී)

• වයස 13 න් පහළ : -බාලක - ඒඩ්‍රියන් ආන්ජලෝ (බෝපිටිය ලොයාලා), බාලිකා : -දහම්දී ගුණතිලක (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී)

• වයස15 න් පහළ : - බාලක - විහේන් ඕෂිත සේනාරත්න (කොළඹ ගේට්වේ), බාලිකා - මින්තුලී ලිතාරා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී)

•  වයස 17 න් පහළ : - බාලක - දසිදු සත්සිලු  (අලුත්ගම ම.වි), බාලිකා : -මෙතුලී නෙලින්යා (කොළඹ බෞද්ධ කාන්තා)

•  වයස19 න් පහළ : - බාලක - දසිදු සත්සිලු  (අලුත්ගම ම්.වී.), බාලිකා : -විහාරා හේරත් (කොළඹ බිෂොප්)

•  ආධුනික : - පිරිමි - සෙතූක බදුගේ (මාලබේ හොරයිසන් ජාත්‍යන්තර). කාන්තා - සහේලී බස්නායක (කොළඹ කාන්තා)

•  අතර මැදි : - පිරිමි - දසිදු සත්සිලු

(අලුත්ගම ම.වී.),කාන්තා - විහාරා හේරත් (කොළඹ බිෂොප්)

 


අදහස් (0)

අලුත්ගම විදුහලේ දසිදුට ශූරතා තුනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.