Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අලස්-ගුණසේකර කුසලාන රාජකීයයන්ට

අලස්-ගුණසේකර කුසලාන රාජකීයයන්ට

ශනුක අරවින්ද - 2018 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර එස්.එස්.සී පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති ‘අලස්-ගුණසේකර’ කුසලාන පැසිපන්දු තරගයෙන් ලකුණු 46-43 ක තියුණු ජයක් ලැබීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු කාර්තුවේ ජය 18-11 ක් ලෙස රාජකීය විදුහලටද, දෙවැනි කාර්තුවේ ජය 15-12 ක් ලෙස ගේට්වේ විදුහලටද හිමි විය. එහෙත් ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාවේ එකතුව අනුව 30-26 ක් ලෙස පළමු අර්ධය නිමාවන විට තරගයේ පෙරමුණ ගැනීමට රාජකීය විදුහලට හැකි විය.

නැවතත් ක්‍රියාත්මක වූ රාජකීය ක්‍රීඩකයෝ ලකුණු 10-8 ක් ලෙස තෙවැනි කාර්තුව ජයගනිද්දී, ඊට නොදෙවෙනි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ගේට්වේ ක්‍රීඩකයෝ ලකුණු 9-6 ක් ලෙස සිවුවැනි කාර්තුවේ ජය තමන් සතුකරගත්හ.

දෙපිලම කාර්තු දෙක බැගින් ජයගනිමින් කරට කර තරගයක නිතර වුවද, අවසානයේ මුලු ලකුණු සංඛ්‍යාව අනුව සමස්ත තරගයෙන් 46-43 ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී රාජකීය විදුහල වෙනුවෙන් ලකුණු 22 ක් රැස්කළ රුක්ෂාන් අතපත්තු තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙසත්, එම විදුහලේම තරිඳු බාලසූරිය දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.

මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර පැවැති වයස 15 න් පහළ පැසිපන්දු තරගයේදී රාජකීය විදුහල පරදවා ලකුණු 60-37 ක් ලෙස පහසු ජයක් ලැබීමට ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් විය.

කොළඹ ශාන්ත බිෂොප් විදුහලට එරෙහිව පැවැති බාලිකා වයස 19 න් පහළ පැසිපන්දු තරගයෙන්ද ගේට්වේ ජාත්‍යන්තර පාසලට ලකුණු 27-14 ක ජයක් හිමිවිය.

 

- 036

 


අදහස් (0)

අලස්-ගුණසේකර කුසලාන රාජකීයයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.