අර්ධ අවසන් පූර්ව තරග ඇරඹෙයි
ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය විසින් 65 වැනි වරටත් සංවිධානය කරනු ලබන 2018 ජාතික බිලියඞ් ශූරතා තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණ ලැබූ 8 දෙනෙක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (03 වැනිදා) කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ බිලියඞ් ශාලාවේදී පැවැත්විනි.
වසර 2017 තරගාවලියේ අනුශූරයා වු ශ්‍රේණිගත අංක 01 ස්ථානයේ සිටින එස්. එච්. එම් අස්ලාම් එහි අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටී. පසුගිය වසරේ අනුශූරයා වූවද මෙවර තරගාවලියේදී ඔහු ශ්‍රේණිගත අංක 1 ක්‍රීඩකයා වී සිටින්නේ 25 වතාවක් ජාතික බිලියඞ් ශූරතාවය දිනූ කේ.එච් සිරිසෝම මහතා මෙවර තරගාවලියට සහභාගි නොවන බැවිනි.
අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩකයෝ.
■ එස්.එච්.එම් අස්ලාම් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් සුසන්ත වික්‍රම (යුද හමුදාව) පරාජය කරන ලදි. - (546/416)
■ අනිල් රෝහණ (ඔටෝ මොබයිල් සංගමය) විසින් එම්.එස්.එම් උවයිස් (ගාල්ල) පරාජය කරන ලදි. - (315/274)
■ ගුරුගේ (ගාල්ල) විසින් එන්. ප්‍රනාන්දු (යුද හමුදාව) පාරාජය කරන ලදි. - (375/347)
■ රෝහිත ද සිල්වා (බී.ආර්.සී.) විසින් ඩබ්ලිව්.එම්.පී. පුෂ්පකුමාර (අයි.සී.එස්.සී) පරාජය කරන ලදි. (290/246)
■ එච්.ඒ.එම් රිම්සාන් (තරුණ ක්‍රිස්තියානි සංගමය) විසින් එම්.එම් මුබීන් (යුද හමුදාව) පරාජය කරන ලදි. - (527/416)
■ එස්. එස් දිනුරුවන් (යුද හමුදාව) විසින් ආර්.එම්.පී රත්නායක (යුද හමුදාව) පරාජය කරන ලදි. - (411/385)
■ සී.චන්ද්‍රසේකර (යුද හමුදාව) විසින් ඉන්ෆාස් ෆාරුක් (යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනය) පරාජය කරන ලදි. - (422/251)
■ එම්.එම්. ජෙෆ්රි(ගාල්ල) විසින් එස්.එම් ශර්වාදි (මුවර්ස් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. - (383/371)
- 092