.jpg)
ශ්රී ලංකාවේදී පළමු වරට පැවැත්වෙන ‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයේ පළමු අදියර ජය ගැනීමට ස්පාඤ්ඤයේ ඉස්මයිල් වෙන්ටුරා සමත්විය.
අන්තර්ජාතික මට්ටමේ කී‍්‍රඩකයන් සමග කරට කර තරගයක නිරත වූ දේශීය කී‍්‍රඩකයන් 6 අදනා අතුරින් පළමු අදිරේ 8 වැනියා ලෙස තරගය නිමා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අමල් සුරංග සමත් විය. ඔහුට එම අදියර නිමා කිරීම සඳහා වැය වූ කාලය පැය 5 යි, විනාඩි 10 යි, තත්පර 6 කි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ වර්ණකුලසූරිය, පැය 5 යි, විනාඩි 15 යි, තත්පර 26 ක කාලයක් වාර්තා කරමින් පළමු අදියරේ 9 වැනියා බවට පත්විය.
මොණරාගල දිස්ති‍්‍රක්කයට අයත් කුඩාඔය සිට හපුතලේ දක්වා කිලෝ මීටර 80 ක දුරකින් සමන්විත වූ තරගයේ පළමු අදියර ඊයේ (19 වැනිදා) පැවැත්විණ. ඒ සඳහා ස්පාඤ්ඤයේ ඉස්මයිල් වෙන්ටුරාට ගත වූ කාලය පැය 3 යි, විනාඩි 45 යි, තත්පර 13 කි.
එහි දෙවැනි ස්ථානය පැය 4 යි, විනාඩි 8 යි, තත්පර 54 කින් තරගය නිමා කළ ජපානයේ යූකි ඉකඬේට හිමිවූ අතර පැය 4 යි, විනාඩි 9 යි, තත්පර 25 කින් තරගය නිමා කළ නේපාලයේ ඒ. පී. චීත‍්‍රී තෙවැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ පළමු අදියර සඳහා ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය, නේපාලය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 47 දෙනෙක් සහභාගී වූහ. මෙම තරගාවලිය අදියර 3 කින් සමන්විත වන අතර 22 වැනිදා මහනුවරින් අවසන් වීමට නියමිතය.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ‍්‍රී ලංකන් හොලිඬේස් සහ ලංකා ස්පෝට්ර්ස් රයිසන් සංචාරක නියෝජිත ආයතනය එක්ව තරගාවලිය සංවිධානය කරයි.
පළමු අදියරේ ප‍්‍රතිඵල
1 ඉස්මයිල් වෙන්ටුරා (ස්පාඤ්ඤය) - පැය 3:45.13
2 යූකි ඉකඬේ (ජපානය) - පැය 4:08.54
3 ඒ. පී. චීත‍්‍රී (නේපාලය) - පැය 4:09.25
4 කෝරි වෙලන්ස් (කැනඩාව) - පැය 4:15.44
5 ඇල්බට් කික්ස්ට‍්‍රා (නෙදර්ලන්තය) - පැය 4:39.50
පළමු දස දෙනා අතර සිටි ශ්‍රී ලාංකිකයෝ
8 අමල් සුරංග (ගුවන් හමුදාව) - පැය 5:10.06
9 සුමේධ වර්ණකුලසූරිය (යුද හමුදාව) - පැය 5:15.26
ඡායාරූපය - උපුල් අබේසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.