ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරිකවරයාට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම ජීවිතාන්නතය දක්වා තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය ගෙන ඇති තීරණය සාධාරණ නොවන බවත් තමන්ට සාධාරණය ඉටුකරන ලෙසත් හිටපු ලේකම් උදාර එස්. ලියන්වල මහතා ක්‍රීඩා අමාත්‍යවරුන්ට යොමු කළ අභියාචනා තුනක් මේ වන විට හමස් පෙට්ටියට වැටී ඇති බවට වාර්තා වේ.
එම අභියාචනාවල පිටපත් ජනාධිපතිවරයාට සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට ද යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ 2012 සහ 2013 වසරවල ගිණුම් වාර්තා සහ මූල්‍ය ප්‍රකාශ ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුව නියමිත කාලයට විගණාකාධිපතිවරයාට යොමු නොකිරීමේ චෝදනාට වරදකරුවන් කරමින් හිටපු සභාපති ප්‍රියන්ත පතිරණ, ලේකම් උදාර එස්. ලියන්වල සහ හිටපු භාණ්ඩාගාරික කපිල ජීවන්ත යන මහත්වරුන්ට මෙම තහනම පනවා තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් 2017 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා මෙම නිලධාරීන් තිදෙනා පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා තහනම පනවන ලදි.
හිටපු ලේකම් උදාර එස්. ලියන්වල මහතා අභියාචනා ඔස්සේ කියා සිටින්නේ එම වර්ෂවලට අදාල ගිණුම් වාර්තා සහ මූල්‍ය ප්‍රකාශ පසුව අතුරු කමිටුවේ ලේකම් ධූරය දැරූ නිලධාරියාට බාර දුන් බවත් එම නිලධාරියා වගකීම පැහැර හැර ඇති බවත්ය.
තවද ගිණුම් වාර්තා සහ මූල්‍ය ප්‍රකාශ පරීක්‍ෂා කළ විගණන සමාගම 2017 වසරේ නොවැම්බර් මස 7 වැනිදා එම වාර්තා විගණාකාධිපතිවරයාට යොමු කර ඇති බව අභියාචනයේ සඳහන් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.