Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අප්න - දිනාරා එස්.එස්.සී. ටෙස්ට් ශූරතා දිනති

අප්න - දිනාරා එස්.එස්.සී. ටෙස්ට් ශූරතා දිනති

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සංවිධානත්වයෙන් එම ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේදී පැවැති එස්.එස්.සී විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට අප්න පෙරේරා සහ දිනාරා ද සිල්වා සමත් වූහ. 

විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කිරව් විරවනාතන් පරාජය කිරීමට අප්න සමත් වූ අතර එම තරගයේ ලකුණු තත්ත්වය 6/3 ක්, 6/4 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය. 

විවෘත කාන්තා අවසන් මහ තරගයේදී සාජිඩා රාසික් පරාජය කිරීමට දිනාරා සමත් වූයේ වට 2-1 ක් ලෙසිනි. එහි පළමු වටය ලකුණු 7/6 ක් ලෙස ජයගැනීමට සජිඩා සමත් වුවද, දෙවැනි සහ තෙවැනි වට ලකුණු 6/2 ක් සහ 6/1 ක් ලෙස ජයගත් දිනාරා තරගයේ ජය තමන් සතුකර ගත්තාය. 


අදහස් (0)

අප්න - දිනාරා එස්.එස්.සී. ටෙස්ට් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.