Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් දිස්ත්‍රික් තරගාවලියට අයැදුම්පත්

අන්තර් දිස්ත්‍රික් තරගාවලියට අයැදුම්පත්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය ලබන ජූනි 10, 11 සහ 12 යන දිනවල කොළඹ හොකී කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විධිවිධාන යොදා ඇත. බස්නාහිර පළාත් හොකී සංගමයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම ජූනි 6 දා අවසන් කෙරේ.

දිස්ත්‍රික් 15 කින් අදාළ තරගාවලියට පාසල් ඒකාබද්ධ කණ්ඩායම් සහභාගි වෙතැයි අපේක්ෂා කරන අතර කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, යාපනය, බදුල්ල, කෑගල්ල, අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව, රත්නපුර, මහනුවර සහ මාතලේ එම දිස්ත්‍රික්ක වෙති.

තරගාවලිය සඳහා අයදුම්පත් අදාළ දිනයට පෙර ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජය විදුහල, මාතලේ යන ලිපිනයට යොමු කළ යුතුය.

 


අදහස් (0)

අන්තර් දිස්ත්‍රික් තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.