කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජය විසින් සංවිධානය කරන ලද 500 වැනි චෙස් ක්‍රීඩා පුහුණු වැඩමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්පෝටෙක්ස් ජාතික ක්‍රීඩා ප්‍රදර්ශන පරිශ්‍රයේදී පැවැත්විණ.
‘ස්පෝට්ස්ඉන්ෆෝ’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිලාන් රංගන මහතා ඇනටෝලි කාර්පෝච් චෙස් සමාජයට කළ ආරාධනයක් අනුව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි. ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජයේ සභාපතිනි සුනීතා විජේසූරිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.
මෙම වැඩසටහන ආරම්භයේ චෙස් ප්‍රහේලිකා තරගයක් පවත්වා ජයග්‍රාහී තිදෙනාට අගනා චෙස් කට්ටල 3ක් පරිත්‍යාග කරන ලදී.
මේ වසරේදී 20 වැනි සංවත්සරය සමරන ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජය පාසල් සිසු දරුවන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට, නොයෙක් ආයතන වලට, යුද හමුදාව, නාවික හමුදාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා වැඩමුළු 500 ක් මේ වන විට පවත්වා තිබේ.
.jpg)
ස්පෝටෙක්ස් ජාතික ක්‍රීඩා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඇනස්ටාසියා කොක්ලෝවා මහත්මිය විසින් චෙස් ප්‍රහේලිකා ජයග්‍රාහී නෙතුම් දුල්මිකට චෙස් කට්ටලයක් පරිත්‍යාග කරන අයුරු.
‘ස්පෝට්ස්ඉන්ෆෝ’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිලාන් රංගන මහතා, ෆිඬේ මාස්ටර් සුනීතා විජේසූරිය සහ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමණායක යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.