ලබන අගෝස්තු 18 සිට සැප්තැම්බර් 2 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණින් ක්‍රීඩකයන් 30 දෙනෙකුගෙන් සමන්විත ජාතික හොකී (පිරිමි) සංචිතයක් ප්‍රකාශයට පත්කර ඇත.
ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියට සුදුසුකම් සපුරාලීමේ මූලික තරගාවලියක් පසුගිය පෙබරවාරි මාසයේ ඕමානයේ මස්කට් නුවර දී පැවති අතර රටවල් 8ක සහභාගිත්වයෙන් පැවති එම තරගාවලියේදී ශ්‍රී ලංකාව 3 වැනි ස්ථානය හිමිකර ගනිමින් ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් සපුරා ගැනීමට සමත් විය.
ක්‍රීඩා අමාත්‍යංශයේ හොකී ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී තමරා පරගොඩ ලියනගේ මහත්මියගේ අධීක්ෂණයෙන් ජාතික හොකී සංචිතයේ පුහුණුවීම් මෙම සතිය ඇතුළත ආරම්භ කිරීමට නියමිතය. අඛණ්ඩව මාස 1 ½ පුහුණුවීම් වලින් අනතුරුව සංචිතය 25 දක්වා අඩු කිරීමටත් අනතුරුව අවසන් 18 දෙනා ලබන ජූලි 18 දිනට පෙර තෝරා ගැනීමට ද නියමිතය.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතාත් සහය පුහුණුකරු ලෙස පුලතිසි ලැනරෝල් මහතාත් ශරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස ජයන්ත සියමුදලි මහතාත් කටයුතු කරති.
පුහුණු සංචිතය
තරිඳු කුමාර හේන්දෙණිය, චමල්කා රුක්ෂාන්, ඉසංකා කුමාර ජයසුන්දර, නලන්ත ද සිල්වා, ධම්මික රණසිංහ, තිලිණ පෙරේරා, දමිත් මධුශංක බණ්ඩාර, මධුරංග විජේසිංහ, සමින්ද සජිත් කොස්තා, තරංග ගුණවර්ධන, මුදිත බණ්ඩාර, සඳරුවන් ප්‍රියංලකා, අනුරාධ සුරේෂ් රත්නායක, ප්‍රමෝද් උදයශාන්, මොහොමඞ් මූලාෆර්, රජිත කුලතුංග, ළහිරු ගිහාන් වීරසූරිය, හරීන්ද්‍ර පුෂ්ප කුමාර ධර්මරත්න, එම්. ජී සංජීව, පුෂ්ප කුමාර හේන්දෙණිය, ශමික ගුණවර්ධන, ධාරක ප්‍රියභාෂිත බණ්ඩාරතැන්ත, ගිහාන් මධුශංඛ ජයරත්න, ගිහාන් සංගීත් අමරසිංහ, එරංග හේන්දෙණිය, විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු, දිනුක නුවන් වීරසිංහ, ෂෙරාන් නිමංක, චන්දන චතුරංග චන්ද්‍රසේන, සමීර මධුශාන් වීරසූරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.