ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ පාසල් පැසිපන්දු සංගමය එක්ව සංවිධානය කරන වයස 18 න් පහළ 3x3 පැසිපන්දු තරගාවලිය මේ මස 25 සහ 26 දෙදින කොළඹ රාජකීය විදුහල් පැසිපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
බාලක සහ බාලිකා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා පාසලකින් කණ්ඩායම් දෙකකට ඉදිරිපත් විය හැකි බව සංවිධායකවරු පවසති. 1998 ජනවාරී මස 1 වැනිදා හෝ ඊට පසුව උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් තරගාවලියට ඉදිරිපත්විය යුතුය.
පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය ගේ අනුමැතිය සහිත අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර කණ්ඩායම් ලියාපදිංචි කිරීම මේ මස 25 පෙරවරු 7.00 ට රාජකීය විදුහලේදී සිදු කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.