Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 2024 දී සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලි 7 ක්

2024 දී සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලි 7 ක්

editorial - 2024 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම වසර (2024) තුළදී ජාතික මේසපන්දු තරගාවලිය සහ ජාතික කනිෂ්ඨ මේපන්දු තරගාවලියද ඇතුළුව සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලි 7 ක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සහ ඊට අනුබද්ධ ක්‍රීඩා සමාජ සහ සංගම් සූදානමින් සිටියි. 

විවෘත ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 5 න් 2 ක් එළබෙන මාර්තු මාසයේදී පැවැත්වෙන අතර තවත් තරගාවලි 2 ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතය. සෙසු විවෘත ශ්‍රේණිගත කිරීමේ තරගාවලි පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මාසයේදීය. ඔක්තෝබර් මාසයේදී ජාතික කනිෂ්ඨ තරගාවලියත්, නොවැම්බර් මාසයේදී ජාතික තරගාවලියත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඉන් ජාතික තරගාවලිය සහ ජාතික කනිෂ්ඨ තරගාවලිය ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන අතර සෙසු තරගාවලි 5 පිළිවෙලින් බස්නාහිර පළාත් මේසපන්දු සංගමයේ, සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ, ටිබාර් මේසපන්දු ක්‍රීඩා සමාජයේ, ජී.එස්.එම්. මේසපන්දු විද්‍යායතනයේ සහ කැගලු දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙනු ඇත. 

මෙම වසරේ මේසපන්දු ක්‍රීඩා දින දර්ෂනය තරගාවලි 21 කින් සමන්විත වන අතර ඉහත සඳහන්  විවෘත තරගාවලි 7 ට අමතරව තවත් සමස්ත ලංකා ආධුනික සහ අතරමැදි තරගාවලි 10 ක් සහ පාසල් තරගාවලි 3 ක්ද ඊට ඇතුළත්ව තිබේ. මෙම තරගාවලි පැවැත්වෙන දිනයන් විවිධ හේතූන් මත ඉදිරියේදී වෙනස් වීමට ඉඩ කඩ තිබේ. 


සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලි 
■ මාර්තු 2,3,4 දිනවල - බස්නාහිර පළාත් විවෘත මේසපන්දු තරගාවලිය - බණ්ඩාරගමදී 
■ මාර්තු 16,17,18 දිනවල - සබරගමුව පළාත් විවෘත මේසපන්දු තරගාවලිය - බණ්ඩාරගමදී 
■ ජූනි 2,3 දිනවල - ටිබාර් විවෘත මේසපන්දු තරගාවලිය - බණ්ඩාරගමදී හෝ ගල්කිස්සේදී 
■ ජූනි 22,23 දිනවල - ජී.එස්.එම්. විවෘත මේසපන්දු තරගාවලිය - බණ්ඩාරගමදී හෝ මහනුවරදී 
■ සැප්තැම්බර් 13,14,15 දිනවල - මහීපාල හේරත් විවෘත මේසපන්දු තරගාවලිය - කෑගල්ලේදී 

ජාතික මේසපන්දු තරගාවලි 
■ ඔක්තෝබර් 26,27,28 දිනවල - ජාතික කනිෂ්ට තරගාවලිය කොළඹදී 
■ නොවැම්බර් 2,3 දිනවල - 78 වැනි ජාතික තරගාවලිය කොළඹදී 


අදහස් (0)

2024 දී සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලි 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.