Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 14 න් පහළ ටෙනිස් අවසන් තරග හෙට

14 න් පහළ ටෙනිස් අවසන් තරග හෙට

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ දෙවැනි අදියරේ බාලක සහ බාලිකා අවසන් මහ තරග හෙට (10 වැනිදා) ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද පැවැත්වෙන බාලක අවසන් මහ තරගයේදී නේලක දිසානායකට එරෙහිව තෙහාන් විජේමාන්නද, බාලිකා අවසන් මහ තරගයේදී අංජලිකා කුරේරාට එරෙහිව ඔනෙලි පෙරේරාද තරග වැදීමට නියමිතය.


බාලක අවසන් පූර්ව වටයේ තරග අද (9 වැනිදා) පැවැති අතර එහිදී වට 2-0 ක් ලෙස ඉන්දීය ක්‍රීඩක ශයින් ටෝකස් පරාජය කරමින් නේලක දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. තෙහාන් විජේමාන්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-1 ක් ලෙස කවිෂ්ක ගාල්ලගේ පරාජය කරමිනි.


මෙම තරගාවලියේ පළමු අදියරේ බාලක රන් පදක්කම දිනාගත් චාතූර්ය නිලවීර දෙවැනි අදියර සඳහා සහභාගි නොවීය. දෙවැනි අදියරේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින නේලක දිසානායක සහ තෙහාන් විජේමාන්න පිළිවෙලින් පළමු අදියරේ රිදී සහ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.


බාලිකා අවසන් පූර්ව වටයේ තරගවලදී වට 2-0 ක් ලෙස ඉන්දීය ක්‍රීඩිකා ශෲතී ඛන්නා පරාජය කරමින් අංජලිකා කුරේරාද, වට 2-0 ක් ලෙස තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරමින් ඔනෙලි පෙරේරාද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.


පළමු අදියරේදී බාලිකා රන් පදක්කම් දිනාගත් අංජලිකා කුරේරා සහ රිදී පදක්කම දිනාගත් ඔනෙලි පෙරේරා දෙවැනි අදියරේ අවසන් මහ තරගයටද සුදුසුකම් ලබාගැනීමට කැපී පෙනෙන සිදුවීමක් විය.


බාලක අවසන් පූර්ව තරග

■    නේලක දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස ශයින් ටෝකස් (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/0, 6/3)

■    තෙහාන් විජේමාන්න විසින් තරග වට 2-1 ක් ලෙස කවිෂ්ක ගාල්ලගේ පරාජය කරන ලදි. (4/6, 7/5, 6/3)

 

බාලිකා අවසන් පූර්ව තරග

■    අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ශෲතී ඛන්නා (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/1, 6/0)

■    ඔනෙලි පෙරේරා විසින් තරග වට 2-0 ක් ලෙස තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරන ලදි. (6/1, 6/2)

 


අදහස් (0)

14 න් පහළ ටෙනිස් අවසන් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.