ගම්පහ බෝගමුව ජාත්‍යන්තර ලයිසියම් පාසල 2018 වර්ෂයේ ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 14න් පහළ බාලක මේස පන්දු ශූරතාව දිනා ගත්තේය. මෙම තරගාවලිය කොළඹ ගේට්වේ විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේ දින දෙකක් පුරා පැවති අතර එහිදී සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් තරග වට 3-0 ලෙස පරාජය කිරීමට බෝගමුව ජාත්‍යන්තර ලයිසියම් කණ්ඩායම සමත් විය.
බෝගමුව ජාත්‍යන්තර ලයිසියම් කණ්ඩායමේ නායක මහිත් ජයසුමන 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගත්තේය.
ලීනුල සමරවීර, මහිත් ජයසුමන (නායක) සහ සනුත් ජයසුමන (උප නායක) බෝගමුව ජාත්‍යන්තර ලයිසියම් පාසල් කණ්ඩායම නියෝජනය කළහ. දුමිදු රණවීර අතිරේක ක්‍රීඩකයා වූ අතර හිටපු ජාතික ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු වන ලලිත් පෙරේරා විසින් කණ්ඩායම පුහුණුකරවන ලදි.
බෝගමුව ජාත්‍යන්තර ලයිසියම් පාසලේ විදුහල්පතිනි ඩිල්මි රත්නායක මහත්මිය විසින් ජයග්‍රාහී පාසල් කණ්ඩායමට සුබපැතුම් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.