ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙල ‘එ්ඩෙක්ස් 2016’ මෙම 9 වැනිදා බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වසර 185 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය 26 වැනි වරට සංවිධානය කරන මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 ක් පමණ සහභාගී වීමට නියමිතය.
පෙරවරු 9.00 ට ආරම්භ වන පිරිමි සහ කාන්තා බයිසිකල් පැදීමේ තරගයෙන් ක්‍රීඩා උත්සවය ආරම්භ කෙරෙන අතර එහිදී මීටර් 100, 200, 400 ධාවන තරග, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම, දුන්නෙන් විදීම සහ රෝද පුටු වැනි ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 57 ක් පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගිවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කමිසයක් සහ තොප්පියක් ලබාදීම සඳහා ඩෙල්මා තේ සමාගම ඉදිරිපත් වී සිටින අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උදෑසන ආහාරය ලබාදීමට පෙරේරා සහ පුත්‍රයෝ සමාගම ඉදිරිපත්වී සිටියි.
‘ඒඩෙක්ස්’ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා උළෙලේ සංවිධායක මණ්ඩලයට අමතරව මියුසියස් විද්‍යාලයේ බාලදක්ෂිකාවන්ද, කොළඹ වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන්ද, ටෝල්මන් ටුවර්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයද ක්‍රීඩා ඉසව් පැවැත්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.