Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී කී‍්‍රඩකයෝ ලෝකඩ පදක්කම සොයති

හොකී කී‍්‍රඩකයෝ ලෝකඩ පදක්කම සොයති

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ප‍්‍රසාද ලකුණු පුවරුවේ සිවුවැනි ස්ථානයට පත්විය. සිවුවැනි ස්ථානයට පත්ව සිටියද ලෝකඩ පදක්කම දිනාගැනීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකා පිල හෙට තරග වදී.

ලෝකඩ පදක්කම දිනා ගැනීම ස`දහා බංග්ලාදේශය සම`ග ශ‍්‍රී ලංකාව හෙට (12 වැනිදා) තරග කිරීමට නියමිතය අන්තර්ජාතික හොකී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව බංග්ලාදේශ කණ්ඩායම 29 වැනි ස්ථානයේත් ශී‍්‍ර ලංකා කණ්ඩායම 42 වැනි ස්ථානයේත් සිටිති.

 මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ රන් පදක්කම ස`දහා ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් හතරක් තරග වැදුණි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (10) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකාව ගෝල 3-0 ක පරාජයක් ලැබීය.  පාකිස්තානය හමුවේ ගෝල 3-0 කින් පරාජය වු ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායම බංග්ලාදේශය හමුවේ පරාජය ලැබුවේ ගෝල 2-0 කිනි.

මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ මුලික වටයේ තරගයකදී ඉන්දියාව ගෝල 2-1 කින් පරදවා පාකිස්තානය ජය ලැබීම කැපී පෙනිණ. කෙසේ වෙතත් ඉන්දියාව සහ පාකිස්තානය හෙට පැවැත්වෙන අවසන් තරගයට ද සුදුසුකම් ලබා සිටී.


- 090

 


අදහස් (0)

හොකී කී‍්‍රඩකයෝ ලෝකඩ පදක්කම සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.