කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (19 වැනිදා) පැවැති තරග 2 කදී ජය වාර්තා කිරීමට හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ නාවික හමුදාව සමත්විය.
හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය ලකුණු 69-47 ක ලෙස ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය පරාජය කරමින් සහ නාවික හමුදාව ලකුණු 71-63 ක ලෙස කොළඹ කී‍්‍රඩා සමාජය පරාජය කරමින් එම ජයග‍්‍රහණ වලට හිමිකම් කීහ.
ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය සමග පැවැති තරගයේ කාර්තු හතරේදීම පෙරමුණගත් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය, පහසුවෙන්ම එම තරගය ජයගත්තේය. 14-13 ක්, 31-24 ක්, 51-31 ක්, සහ 69-47 ක් ලෙස එම තරගයේ කාර්තු හතරේ ලකුණු සටහන් විය.
එහිදී හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් එම්. ලැටිනොවික් ලකුණු 26 ක් රැස්කළේය.
කොළඹ කී‍්‍රඩා සමාජය සමග පැවැති තරගයේදී කරට කර සටනක නිතර වූ නාවික හමුදා පිල, ඉතා තියුණු තරගයකින් අනතුරුව එම තරගය ජයගත්තේය. එහි තාර්තු හතරේ ලකුණු 20-09 ක්, 45-35 ක්, 49-43 ක් සහ 71-63 ක් ලෙස සටහන් විය.
නාවික හමුදා පිල වෙනුවෙන් සී. නේමන්ජ එහිදී ලකුණු 21 ක් රැස්කිරීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.