කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ අද (13 වැනිදා) පැවැති තරගයකදී ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 88-64 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සමත්විය.
තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ හම්බන්තොට බ්ලූස් පිල පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 16-28 ක් ලෙස පෙරමුණ ගත්තේය.
කෙසේවුවත් දෙවැනි කාර්තුවේදී යළි තරගයට අවතීර්ණ වූ ඕල්ඞ් බෙන්ස් පිල, පළමු කාර්තුව අවසානයේදී තිබූ ලකුණු 12 ක පරතරය ලකුණු 6 කට අඩුකර ගනිමින් ලකුණු 40-46 ලෙස පළමු අර්ධය නිමා කිරීමට සමත්විය.
දෙවැනි කාර්තුව නිමාවන විට තිබූ පරතරයට තෙවැනි කාර්තුවේදී තවත් ලකුණු 4 ක් එකතු කරගත් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ ලකුණු 59-69 ක් ලෙස පෙරමුණ රැකගනිමින් එම කාර්තුව නිමා කළහ.
අවසන් කාර්තුවේදී තම මුලූ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 19 ක් එක්කර ගනිමින් හම්බන්තොට බ්ලූස් පිල තරගය ජයගත් අතර ඕල්ඞ් බෙන්ස් පිලට එම කාර්තුවේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි.
හම්බන්තොට බ්ලූස් පිල වෙනුවෙන් මාර්කෝ ලැටිනොවික් ලකුණු 21 ක්ද, රොෂාන් රන්දිම ලකුණු 19 ක්ද රැස්කළ අතර ආදි බෙන්ස් පිල වෙනුවෙන් ක්ලින්ටන් තේවකුමාර් ලකුණු 24 ක්ද, ඉසෙඞ්. කෘප්ස්කිස් ලකුණු 19 ක්ද රැස්කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.