Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”
හෙට අනිද්දා මවු පදවියෙන් පිදුම් ලැබීමට නියමිතව සිටින සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඊයේ අන්තර්ජාලයේ සටහනක් තබමින් මේ අදහස් පළ කළේ සිය මාතෘත්වය සරදමට ලක් කරමින් රුමේනියාවේ ටෙනිස් පිලේ නායක, හිටපු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරයකු වන ලිලී නස්ටාසේ කළ ජාතිවාදී ප්‍රකාශය සම්බන්ධයෙනි.
ෆෙඩරේෂන් කුසලාන ටෙනිස් තරගාවලියේ තරග වදින කණ්ඩායම් ලැයිස්තුගත කිරීමේ අවස්ථාවේදී ‘අපි බලමු ලැබෙන බබා මොන පාටද කියලා..චොකලට් පාට ද..කිරි පාට ද කියලා.. යනුවෙන් නස්ටාසේ කළ ප්‍රකාශය සම්බන්ධව මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය තීරණය කොට තිබේ.
මේ ප්‍රකාශයෙන් දින දෙකකට පසුව සිය අදහස් පළ කළ සෙරීනා තම නූපන් දරුවා ගැන එවැනි ප්‍රකාශයක් කළ නස්ටාසේ ජාතිවාදියකු බව කියා සිටියාය.
“මට ලැබෙන්න ඉන්න බබා ගැන මෙවැනි ප්‍රකාශ කරන නස්ටාසේ වැනි ජාතිවාදීන් සිටින සමාජයක ජීවත්වීමට සිදුවිම ගැන මම කනගාටු වෙනවා.”
“මම මීට කළින් කියා ඇති පරිදි මේ ලෝකයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම කාලයක් තව ඉස්සරහට ඉතිරිවෙලා තියෙනවා. ඒ අතරතුර කාලයේ අපි සිමා මායිම් සෑහෙන්න බිඳ දමා තිබෙනවා”
“මේ වගේ දේවල්වලින් මාව නවත්වන්න මේ වගේ ප්‍රකාශවලට බෑ. හැමදාම හරි දේ වෙනුවෙන් නැගී සිටින මාව මේ වගේ දේවල්වලින් නතර කරන්න බෑ.‘ සෙරීනා ආවේගයෙන් යුතුව එසේ කියන්නීය.
“මම කාටවත් බය නෑ. මට ලැබෙන්න ඉන්න දරුවා මට ලොකු හයියක් ගෙන දෙනවා. ඒ වගේ ශක්තියක් මට තියෙනවා කියලා මම දැනගෙන හිටියෙත් නැති තරම්. ශාන්ත බව...සාමකාමී බව...මම ඉගෙන්නුවේ මේ නූපන් දරුවායි. බබා ලැබෙනතුරු මම නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔයාගේ ආදරණීය අම්මා ඔයා එනතුරු මග බලාගෙනයි ඉන්නේ.”
සෙරීනා එසේ කියන්නේ මාතෘත්වයේ පදවිය බලාපොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවක්ම වෙනුවෙනි
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.