Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුඛිත මනෝජ් පරතරය වැඩි කරයි

සුඛිත මනෝජ් පරතරය වැඩි කරයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) හත්වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ්, ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 230 ත් සමගින් සිය ඡන්ද සංඛ්‍යාව 1774 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් සිටියි.

සුඛිතට වඩා ඡන්ද 1017 ක් පසුපසින් සිටින ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන, ඡන්ද 757 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 277 එක්කර ගැනීමට නවෝද් සමත් වී ඇත.

කොළඹ නාලන්දා විදුහලේ සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ අභිෂේක් ආනන්ද පිළිවෙලින් ඡන්ද 641 ක් සහ 311 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 1552 සිට 1854 දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 815 ක් පසුපසින් සිටින නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ තරුෂ සඳරුවන් ඡන්ද 1039 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 122 ක් ලබා සිටින අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 36 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. www.dialog.lk/cricket/register  යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය.

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ

1 ප්‍රසන්න පෙරේරා, 131, අම්පිටිය පාර, මහනුවර
2 එච්.ඩී.පී. කිත්සිරි, 384/ඊ, ජය මාවත, පොල්පිතිමූකලාන, කඳාන
3 තරුෂි ධනංජනා, 122/බී, මාපුටුගල, පෝරුවදන්ඩ
4 මධුෂානි ප්‍රනාන්දු, 62, පුෂ්පාරාමා පාර, වාද්දුව

 

-036

 


අදහස් (0)

සුඛිත මනෝජ් පරතරය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.