Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිවුවැනි අදියරේ ජය අල් අතියාට
ඩකා රැළිය

සිවුවැනි අදියරේ ජය අල් අතියාට

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැත්වෙන ඩකාර් රැළියේ ඊයේ (5 වැනිදා) පැවැති සිවුවැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති කටාරයේ නේසර් අල් අතියා සමත් විය. අල් කයිසුමා ප්‍රදේශයේ සිට රියාද් දක්වා කිලෝ මීටර් 707 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා අල් අතියාට පැය 3 යි විනාඩි 54 යි, තත්ත්පර 40 ක කාලයක් ගත විය.

මේ වන විට 51 වැනි වියේ පසුවන අල් අතියා සිය ක්‍රීඩා දිවිය තුළදී ලැබූ 40 වැනි ඩකාර් රැළි අදියර ජයග්‍රහණය මෙය විය. මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමටද අල් අතියා සමත් විය. අල් අතියාට වඩා තත්ත්පර 25 ක් පසුපසින් තරගය නිමා කළ ප්‍රංශයේ සෙබස්තියන් ලොබ් සිවුවැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.

සිවුවැනි අදියරෙන් අනතුරුව තමා සහ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන ලොබ් අතර පැවැති කාල පරතරය විනාඩි 37 යි, තත්ත්පර 40 සිට විනාඩි 38 යි, තත්ත්පර 05 ක් දක්වා වැඩි කර ගැනීමටද අල් අතියා සමත් විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන සවුදි අරාබියේ යසීඞ් අල් රාජි සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 49 යි, තත්ත්පර 15 කි.

සිවුවැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට ස්පාඤයේ කාර්ලෝස් සේන්ස් සහ සවුදි අරාබියේ යසිර් සෙයිඩන් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් අල් අතියාට වඩා තත්ත්පර 52 ක් සහ විනාඩි 1 යි, තත්ත්පර 34 ක් පසුපසින් එම අදියර නිමා කළහ. අල් අතියාට වඩා විනාඩි 1 යි, තත්ත්පර 46 ක් පසුපසින් සිටි සවුදි අරාබියේ යසීඞ් අල් රාජි සිවුවැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්විය.

සිවුවැනි අදියරේ ප්‍රතිඵලය

1 නේසර් අල් අතියා (කටාරය) - පැය 3 යි, විනාඩි 54 යි, තත්ත්පර 40 යි

2 සෙබෙස්තියන් ලොබ් (ප්‍රංශය) - පැය 3 යි, විනාඩි 55 යි, තත්ත්පර 05 යි

3 කාර්ලෝස් සේන්ස් (ස්පාඤය) - පැය 3 යි, විනාඩි 55 යි, තත්ත්පර 32 යි

4 යසිර් සෙයිඩන් (සවුදි අරාබිය) - පැය 3 යි, විනාඩි 56 යි, තත්ත්පර 14 යි

5 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 3 යි, විනාඩි 56 යි, තත්ත්පර 26 යි

 

සමස්ත තරගයේ ප්‍රතිඵල

1 නේසර් අල් අතියා (කටාරය) - පැය 13 යි, විනාඩි 26 යි, තත්ත්පර 02 යි

2 සෙබෙස්තියන් ලොබ් (ප්‍රංශය) - පැය 14 යි, විනාඩි 04 යි, තත්ත්පර 07 යි

3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 14 යි, විනාඩි 15 යි, තත්ත්පර 17 යි

4 ලුසියෝ අල්වාරෙස් (ආර්ජන්ටිනාව) - පැය 14 යි, විනාඩි 20 යි

5 ව්ලැඩිමිර් වැසිලියෙව් (රුසියාව) - පැය 14 යි, විනාඩි 29 යි, තත්ත්පර 54 යි

 

-036


අදහස් (0)

සිවුවැනි අදියරේ ජය අල් අතියාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.