කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති 76 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි කාණ්ඩයේ වැඩි ගෞරව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් විය. එහි කාන්තා කාණ්ඩයේ වැඩි ගෞරව දිනාගැනීමට සමත් වූයේ මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජයයි.
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය පිරිමි කාණ්ඩයේ වැඩි දස්කම් දැක්වීමට සමත් වූයේ රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනාගනිමිනි. එහිදී ස්ලිම්ලයින් ක්‍රීඩකයන් සමග කරට කර සටනක නිරත වූ යුද හමුදා ක්‍රීඩකයෝ රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 5 ක් දිනාගත්හ.
කාන්තා අංශයේදී අණසක පැතිරවූ යුනිචෙලා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 5 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට සමත් වූ අතර හෙළ ක්ලෝතින් ක්‍රීඩිකාවෝ එහිදී රන් පදක්කම් සහ රිදී පදක්කම් 2 ක් බැගින් දිනාගත්හ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ දුලාංජනී ධර්මතිලකත් සම්මාන දිනාගත්හ.
දක්ෂතම පරාජිතයා ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වරද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ සිතාරි සඳරේකාද සම්මාන හිමිකරගත්හ.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 17 ක් නියොජනය කරමින් ක්‍රීඩකයෝ 148 ක් සහ ක්‍රීඩිකාවෝ 52 ක් සහභාගි වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජාතික බොක්සිං ශූර අනුරුද්ධ රත්නායක මහතා සහභාගි විය.
පිරිමි අවසන් තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
තිවංක රණසිංහ (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) විසින් ආර්. එම්. පී. ධර්මසේන (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
බී. ජී. වර්ණසූරිය (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) විසින් මලිත් ප්‍රභාෂ්වර (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
නුවන් අමරවංශ (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ඒ. කේ. මධුරංග (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් එන්. බී. විමුක්ති කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
ආර්. ඩබ්ලිව්. රාජකරුණා (යුද හමුදාව) විසින් අයි. පී. උදයකුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
පී. ඒ. අයි. රාජපක්ෂ (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ආර්. ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ඩී. එල්. කුමාර (නාවික හමුදාව) විසින් එස්. එන්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ජී. ඒ. එන්. ප්‍රනාන්දු (නාවික හමුදාව) විසින් අයි. බී. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
කේ. ජී. ජයසේන (යුද හමුදාව) විසින් ජේ. පී. ජයවීර (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
එම්. ඩබ්ලිව්. මීගස්තැන්න (ගුවන් හමුදාව) විසින් ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) පරාජය කරන ලදි.
කාන්තා අවසන් තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
ඒ. ඒ. නිල්මිණී (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එරන්දි ද සිල්වා (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
ජේ. ඒ. ඩී. ජයසිංහ (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් කේ. කේ. පෙරේරා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්. පී. කුරේ (ගුවන් හමුදාව) විසින් එච්. එන්. තල්ගස්පිටිය (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
කේ. ඒ. කේ. හංසිකා (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් බී. ඩී. ආර්. මෙන්ඩිස් (කැෂුවලයින් ක්‍රීඩා සමාජය) ජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
දුලාංජනී ධර්මතිලක (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් සිතාරි සඳරේකා (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
එල්. උදයංගි (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එස්. එච්. සිල්වා (ලීනියා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ටී. එච්. ධර්මසේන (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) විසින් එන්. ඒ. ජයවීර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
පී. කේ. සුමුදු (යුද හමුදාව) විසින් අයි. ඩබ්ලිව්. චන්ද්‍රසේකර (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ඒ. කේ. නිලන්ති (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) විසින් ජී. ඩී. ජයදේව (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
|
දක්ෂතම ක්‍රීඩකයා හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහ |
|
දක්ෂතම ක්‍රීඩිකාව යුනිචෙලා ක්‍රීඩා සමාජයේ දුලාංජනී ධර්මතිලක |
|
දක්ෂතම පරාජිතයා ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වර |
|
දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ සිතාරි සඳරේකා |
ඡායාරූප - ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.