ස්කෝපියන් වෙඩි තැබීමේ සමාජය දෙවැනි වරටත් සංවිධානය කරන වායු රෆල් සහ වායු පිස්තෝල ශූරතාවලිය මේ මස තෙවැනි සහ සිවුවැනි සති අන්තවලදී වැලිසර නාවික හමුදා වෙඩිතැබීමේ ක්රීඩාංගණයේදී පැවැත්වේ.
දින පහක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේදී මේ මස තෙවැනි සති අන්තයේ සෙනසුරාදා (21) සහ ඉරිදා (22) දිනවලද, සිවුවැනි සති අන්තයේ සිකුරාදා (26), සෙනසුරාදා (27) සහ ඉරිදා (28) දිනවලද තරග පැවැත්වේ.
ශ්රී ලංකා වෙඩිතැබීමේ සම්මේලනයේ සහ ශ්රී ලංකා පාසල් වෙඩිතැබීමේ සංගමයේ අනුමැතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට දිවයින පුරා ක්රීඩක ක්රීඩිකාවන් 300 ක් පමණ සහභාගි වීමට නියමිතය. එහිදී වයස් කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.