මේ මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කැනඩාවේදී පැවැත්වෙන සවි එසවීමේ ලෝක ශූරතාවලියට සහභාගිවන ක්‍රීඩකයන් තිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (10 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේද, ධනුෂ්ක කොඩිකාර කිලෝ ග්‍රෑම් 93 බර පංතිය යටතේද, ඉන්දික පරණගම කිලෝ ග්‍රෑම් 105 බර පංතිය යටතේද එම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.
ඉකුත් වසරේ බෙලරූසයේ පැවැති සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 120 බර පංතියේ 7 වැනි ස්ථානය හිමිකර ගැනීමට රන්සිළු සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 93 බර පංතියේ 13 වැනිදා ස්ථානය හිමිකර ගැනීමට ධනුෂ්ක සමත් විය.
ඒ අනුව ඔවුන් දෙදනා සහභාගි වන දෙවැනි සවි එසවීමේ ලෝක ශූරතාවලිය මෙය වන අතර ඉන්දික පරණගම ඊට එක්ව සිටින්නේ පළමු වරටය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.