
ඉන්දියාවේ මයිසූර්හිදී සඳුදා (26) ආරම්භ වන දකුණු ආසියාතික යොවුන් සවි එසවීමේ ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (25දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පාසල් ක්‍රීඩකයෝ 10 දෙනෙක් සහභාගි වෙති.
කණ්ඩායමේ කළමනාකරු හා පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රුවන්පතිරණ මහතායි. මෙම තරගාවලිය එළඹෙන 26 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ.

සංචාරක ශ්‍රී ලංකා යොවුන් එසැවීමේ කණ්ඩායම
ඡායාරූපය හිටගෙන වමේ සිට- කේ.එන්. ප්‍රනාන්දු (වාද්දුව ජාතික පාසල/කි.ග්‍රෑ 66 බර පංතිය), ජේ.බී. ද සිල්වා (ආනන්ද විදුහල /93බර පංතිය), එස්.ටී. හසරැල් (වාද්දුව ජාතික පාසල /කි.ග්‍රෑ 83 බර පංතිය), පී.සී.එම්. තිසේරා (කළුතර විදුහල/කි.ග්‍රෑ 83 බර පංතිය), ඩබ්ලිව්. ඕ. කේ. කුමාරසිංහ (ධර්මාශෝක විදුහල - කි.ග්‍රෑ 74 බර පංතිය), ඩබ්ලිව්.එල්. මෙන්ඩිස් (රාජකීය විදුහල/කි.ග්‍රෑ105 බර පංතිය), එම්.සී. සංකල්ප (අසෝක විදුහල /කි.ග්‍රෑ 66 බර පංතිය), අයි.ජී. සෝමසිරි (ආනන්ද විදුහල/කි.ග්‍රෑ 59 බර පංතිය), එම්.ආර්. තෙන්නකෝන් (පොරමඩුල්ල ජාතික පාසල/කි.ග්‍රෑ 59 බර පංතිය)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.